අද (25) අලූයම වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්රදේශයේ ලැගුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුව ඇත.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු, පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැත.
සිද්ධිය සම්බන්ධව ඔවුන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ගොස් පරීක්ෂා කිරීමේදී වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකතනයක් සහ වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනයද එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිසිය විසින් සඳහන් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදුකරනු ලැබේ.