ඊයේ (30) දින පස්වරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇත.
ලුණුගම්වෙහෙර අක්කරකාල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 67 වියේ පසුවූ පුද්ගලයෙකු මෙසේ මරණයට පත් වී ඇත.
මෙම පුද්ගලයා ඊයේ පස්වරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, පිටුපසින් පැමිණි කැබ් රථයකින් හප්පා ඇති බවත්, යතුරුපැදිකරු මාර්ගයෙන් ඉවතට විසිවීමෙන් පසු සැකකරු කැබ් රථය නවතා වැටී සිටි යතුරුපැදිකරුට පෙරවකින් පහර දී ඝාතනය කර කැබ් රථයෙන් පලා ගොස් ඇති බවට මෙතෙක් සිදුකල විමර්ශන වලින් අනාවරණය වී ඇත.
මෙම ඝාතනයට සම්බන්ධ 27 වන වියේ පසුවන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට යොදාගත් පොරව සහ කැබ් රථයද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ලුණුගම්වෙහෙර පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.