රීලෝඩ් යන්ත්‍ර ව්‍යාජව නිෂ්පාදනය කළැයි චෝදනා ලැබූ Advance Micro System ආයතනයේ අධ්‍යක්ෂකවරු තිදෙනා අද (2025.07.07) දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදි.
Techno Plus Engineering ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද රීලෝඩ් යන්ත්‍රය, Advance Micro System ආයතනය මඟින් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කර වෙළෙඳපොලට විකිණීමේ සිදුවීමක් සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018 වර්ෂයේදී තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව ගොනු කරන ලදි.
මෙම නඩුවෙහි පළමු චූදිතයා වූයේ රීලෝඩ් යන්ත්‍රය මිලදී ගත් වෙළඳසැලේ අයිතිකරු වන අතර අනෙක් චූදිතයන් තිදෙනා වූයේ Advance Micro System ආයතනයේ අධ්‍යක්ෂකවරු තිදෙනායි. මුල් අවස්ථාවේදීම පළමු චූදිත වරද භාරගත් අතර සෙසු තිදෙනා අද දින නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලදි.
චූදිතයන් වෙනුවෙන් නීතීඥ පී.ඒ. ජයසිරි, නීතීඥ චානක අබේවික්‍රම හා ජ්‍යෙෂ්ඨ නීතීඥ රංජිත් හීල්ලගේ යන මහත්වරු පෙනී සිටින ලදි.