පසුගිය 2025.04.30 දින අයිස් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 වන වියේ පසුවන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
ඒ අනුව සිදුකල විමර්ශන වලදී මෙම සැකකරු ගල්කිස්ස පොලිස් ස්ථානයට වාර්ථා වූ දේපල සොරකම් කිරීමේ අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවකු බවට අනාවරණය වී ඇත.
සැකකරුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ සොරකම් කරන ලද ජංගම දුරකථන 05ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.