රඹුක්කන, ගබ්බල ප්‍රදේශයේ ඉඩමක තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබියදී ඊයේ (01) දින සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 46 වන වියේ පසු වූ කොස්ගහකුඹුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඝාතනයට ලක් වූ කාන්තාව වෙනත් පුද්ගලයකු සමඟ ඇතිකරගෙන තිබූ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් පුරුෂයා විසින් මෙම කාන්තාවට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මෙතෙක් සිදුකල පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුරුෂයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රඹුක්කන පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.