ඊයේ (17) රාත්රි 8.30ට පමණ මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබු කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකල මෙම වෙඩිතැබීමෙන් අවන්හලේ මුදල් අයකැමිවරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබූ අතර එම කාන්තාව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
මෙම වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇතැයි පොලීසිය සැක පළ කරන අතර වෙඩිතැබීම සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය මේ වන විට බද්දේගම පොලීසිය විසින් සොයාගෙන තිබේ.
බටපොල – බද්දේගම මාර්ගයේ අම්පෙගම අම්බලම අසල දමාගොස් තිබු එම යතුරුපැදිය බද්දේගම පොලීසියට ලද තොරතුරකට අනුව සොයාගෙන ඇත.
වෙඩික්කරුවන් මීටියාගොඩ අලුත්වල හරහා බද්දේගම දෙසට ගමන් කරන අතර තුර යතුරුපැදිය මඟ දමා යන්නට ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කරන ලදි.
මීට මාස 4කට පමණ පෙර ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරියට මෙලෙස වෙඩි ප්රහාරය එල්ල වී ඇතැයි වාර්තා වේ.
පසුගිය දිනක කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වු අතර, එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි ද සැක කරන බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලැබේ.

