පසුගිය 03 දා මිටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාට නවාතැන් පහසුකම් සැපයූ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (06) දින අත්අඩංගුවට ගෙන ඇත.
වේරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු 46 වන වියේ පසුවන සැකකරු වේරගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන මිටියාගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු බලපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිටියාගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.