පසුගිය (03) දා මිටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මිටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (06) දින අත්අඩංගුවට ගෙන ඇත
මිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 22 හා 29 වන වියේ පසුවන සැකකරුවන් මිටියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මිටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිටියාගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.