අද (29) දින අලුයම් කාලයේ හිරණ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර එම නිවසට ඇතුලු වූ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදු කල වෙඩිතැබීමකින් එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු වී ඇති අතර ඉන් එක් පුද්ගලයකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
බටහිර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 35 වියේ පසුවූ පුද්ගලයෙකු මෙසේ මරණයට පත් වී ඇති අතර පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 20 වන වියේ පසුවන පුද්ගලයකු තුවාල ලබා ඇත.
වෙඩි තැබීම සඳහා ටී.56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති අතර වෙඩිතැබීමෙන් පසු සැකකරුවන් යතුරුපැදියෙන් පලාගොස් ඇත.
වෙඩි තැබීමට හේතුව හා වෙඩිතබා පලාගිය සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන හිරණ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.