ඊයේ (22) දහවල් කාලයේ මාරවිල පොලිස් වසමේ දුන්කන්නාව ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, දුන්කන්නාව ප්රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු අසල්වැසියෙකු සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් එම අසල්වැසි පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අපරාධය සම්බන්ධයෙන් වයස අවුරුදු 43 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

