පසුගිය ජූලි (18) වන දින දෙහිවල පොලිස් වසමේ දුම්රියපොළ පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
ඒ අනුව ලද තොරතුරක් මත ඊයේ (26) උදෑසන බොරලැස්ගමුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 20ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධයට අනුබල දුන් සැකකාරියක්ද දෙල්ගහවත්ත, හල්පිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොල්ගස් ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 23 වන වියේ පසුවන සැකකරුවකු සහ කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකාරියක වන 38 වන වියේ පසුවන සැකකාරියක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලැබේ.
Ada Derana News