මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකපිට දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාවක් අද පෙරවරුවේ දික්ඕවිට වරායට ගෙන එන ලදි.
ගෙන එන ලද බහුදින ධීවර යාත්‍රාවේ ‘අයිස්‘ සහ හෙරොයින් අඩංගු බවට තොරතුරු වාර්තා වන අතර එම මත්ද්‍රව්‍ය මේ මොහොතේ කිරා මැන බලමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සඳහන් කර ඇත.
මෙරට බහුදින ධීවර යාත්‍රාවකින් ලද තොරතුරක් මතයි මෙම මෙහෙයුම සිදුකෙරුණු අතර එහිදි අදාළ යාත්‍රාවේ සිටි හය දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් විසින් සඳහන් කරන ලදි.

