පසුගිය 22 දා බොරැල්ල, සීවලීපුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (10) දින අත්අඩංගුවට ගෙන රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් තර ඇත.
අරමංගොඩ, බුත්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 17 වන වියේ පසුවන මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවෙකුගේ සමීපතමයෙකු බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය විසින් සඳහන් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රාගම පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි .