පසුගිය 24 දා අලුයම බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (10) දින අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස ප්රදේශයේ පදිංචිකරුවෙකු වන 22 වන වියේ පසුවන මෙම සැකකරු අත්තිඩිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වෙඩි තැබීමට පැමිණි ත්රීරෝද රථයේ රියදුරු බව පොලිසිය විසින් සඳහන් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.