පසුගිය (24) දින බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමග පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංකගේ ප්‍රධාන ගෝලයකු වන ‘‘දෙහිවල සැන්ඩ්‍රෝ‘‘ විසින් ලබා දුන් රුපියල් ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවකට අනුව වෙඩි තැබීම කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර මීට වසර කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී වෙඩික්කරු විසින් ඔහු හඳුනාගෙන ඇති බවටද තොරතුරු අනාවරණ වී ඇත.
මෙම අපරාධයට සම්බන්ධ පිරිස පසුගිය 22 වැනිදා බෙල්ලන්විල ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සාදයක් පවත්වා ඇති අතර වෙඩික්කරු බෙල්ලන්විල ප්‍රදේශයේ හෝටලයකට ත්‍රිරෝද රථයකින් පැමිණෙන අයුරු ද CCTV කැමරාවක සටහන්ව ඇත.
අනතුරුව පිරිස පසුදින රාත්‍රියේ බොරලැස්ගමුවේ පැවති සංගීත ප්‍රසංගයක් පැවති ක්‍රීඩාංගනයකට ගොස් තිබෙන අතර කාන්තාවක විසින් එම ස්ථානයේදී ඔහුට රිවෝල්වරයක් ගෙනත් දී ඇති බවත් එහිදී ඡුායාරූපයක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් නිසා එම ස්ථානයේදී වෙඩි තැබීම ව්‍යාර්ථ වූ බවත් පසුව ඔවුන් ත්‍රිරෝද රථයකින් මාලනී බුලත්සිංහල මාවතට ගොස් වෙඩි තැබීම සිදුකර ඇති බවටත් සැකකරු පොලිසියට පවසා ඇත.
වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය මෙතෙක් සොයාගෙන නොමැති අතර අත්අඩංගුවට ගත් වෙඩික්කරු ලබන 29 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී ඇත.
Hiru News