බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී සිදුවූ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය ප්‍රකාශ කර ඇත.
මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක සාමාජිකයන් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්අධිකාරී නීතිෙවිදී උදය කුමාර වුට්ලර් ප්‍රකාශ කරන ලදි.
බොරලැස්ගමුවේ බලරැස් ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුරදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී තුවාල ලද පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බොරලැස්ගමුව පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.