පසුගිය 21 දා බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසලදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන18 සහ 21 වනවියේ පසුවන සැකකරුවන් පානදුර මෝදරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී වෙඩිතැබීම සදහා වෙඩික්කරැවන් පැමිණි යතුරැපැදිය බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරුපැදියක්, ව්‍යාජ ගමන්බලපත්‍රයක්, රක්ෂණසහතිකයක්, ආදායම් බලපත්‍රයක් සහ ව්‍යාජ අංක තහඩු යුගලයක් පොලිස්භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බණ්ඩාරගම පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.