අද (06) දින උදෑසන 10ට පමණ සීදූව ප්රදේශයේ සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල සිදු වී ඇත.
පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් සීදූව ප්රදේශයට ගොස් ඇති අතර නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන විට, එම පුද්ගලයා එක් නිලධාරියෙකුට පිහියකින් පහර දී ඇත.
වහාම ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔහුව පාලනය කිරීම සඳහා ඔහුගේ දණහිසට පහලින් වෙඩි තබා ඇත.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා සීදූව රෝහලට ඇතුලත් කල බවට පොලීසිය ප්රකාශ කරන ලදි.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සීදූව පොලීසිය විසින් සිදුකරනු ලබයි.