ඊයේ (15) දින සවස් කාලයේ දොඩංගොඩ ප්‍රදේශයේ සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල සිදු වී ඇත.
තෙලිකඩ දොඩංගොඩ ප්‍රදේශයේ ගිං ගඟ අසල නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයෙන් ලද දුරකථන පණිවිඩයක් මත තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් පරික්ෂා කර ඇත. එම ස්ථානයේ පුද්ගලයින් සිව් දෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇති අතර නිලධාරීන් එම ස්ථානයට පැමිණීමේදී එහි සිටි එක් පුද්ගලයකු බීමතින් කඩුවක් රැගෙන පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් පහර දීමට තැත් කර ඇත.
වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කරමින් ඔහුව පාලනය කිරීම සඳහා ඔහුගේ දණහිසට පහලින් වෙඩි තබා ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ බද්දේගම, ගනේගම දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 31 වන වියේ පසුවන පුද්ගලයෙකි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. සිද්ධියෙන් පොලිස් නිලධාරීන්ද තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තෙලිකඩ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.