ඊයේ (22) සවස් කාලයේ පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ 12 කණුව ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, පොතුවිල්, හුලංනුගේ ප්රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවකි.
පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදු කර ඇති බවට දැනට සිදු කරනලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 59 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලැබේ.

