අද (19) උදෑසන පෑලියගොඩ, ඥානරතන මාවත ප්රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව ඇත.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.
මෙහිදී වෙඩිවැදුණු පෑලියගොඩ මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
තවද මෙම වෙඩි තැබීමෙන් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි පදිකයෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය විසින් සඳහන් කර ඇත.
Hiru News