ඊයේ (27) රාත්රීයේ පානදුර අලූබෝගහවත්ත ප්රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.
වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ අලූබෝගහවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකු වන 55 හැවිරිදි පුද්ගලයෙකි. මොහු පානදුර නිලංග නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ මාමණ්ඩිය බව වාර්තා වේ.
පානදුර සලිඳු නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ මෙහෙය වීම මත අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකපළ වී ඇති බව පොලීසිය සඳහන් කරන අතර ඝාතනයට හේතුව හා යොදා ගත් ගිනිඅවිය පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.
Ada Derana News