අද (31) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු තුවාල ලබා තිබේ.
මෙම වෙඩිතැබීම අද උදෑසන 6.00ට පමණ සිදුකර ඇති අතර, වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ද සිට ඇති බවත්, ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කරන ලදි.
ඒ අනුව ඔහු මේ වනවිට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

