ඊයේ (19) රාත්රියේ දේවාලේගම, බටුවත්ත ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්රයා ඝාතනය කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ බටුවත්ත, හැලමඩ ප්රදේශයේ පදිංචිකරුවෙකු වූ වයස අවුරුදු 35ක පුද්ගලයෙකි.
පවුල් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර මෙම සිදුවිමෙන් තුවාල ලැබූ බිරිඳ කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
මෘතශරීරය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

