ඊයේ (21) දින රාත්‍රියේ දෙවිනුවර සිංහාසන පාරේ සිදු වූ වෙඩිතැබීමකින් යතුරු පැදියක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය වී ඇත.
නාදුනන පුද්ගලයන් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේම මියගොස් ඇත.
දෙවිනුවර පදිංචිකරුවන් වූ 28 හා 29 වියේ පසුවූ දෙදෙනෙකු මෙසේ මරණයට පත් වී ඇත.
වෙඩි තැබීම සඳහා ටී.56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති අතර වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී.56 උණ්ඩ කොපු 39ක් හා ජීව උණ්ඩ 2ක් ද, මි.මි.9 වර්ගයේ උණ්ඩ කොපු 2ක් ද, ජීව උණ්ඩ 2ක් ද සොයාගෙන ඇති අතර වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයක් වැල්ලමඩම හන්දියේ ගිනි තබා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
වෙඩි තැබීමට හේතුව හා වෙඩිතබා පලාගිය සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ගන්දර පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.