පසුගිය පෙබරවාරි 02 වැනිදා අම්බලන්තොට ඇලේගොඩ බටහිර ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධ පහරදී බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (02) දින අත්අඩංගුවට ගෙන ඇත.
අම්බලන්තොට මාමාඩල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 42 වන වියේ පසුවන සැකකරු බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සහ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අම්බලන්තොට පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.