ජාඇල ශාන්ත මැතිව් මාවත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබියදී ඊයේ (01) දින සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 24 වන වියේ පසු වූ ඒකල ශාන්ත මැතිව් මාවත ප්‍රදේශයේ පුද්ගලයෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ ඔහුගේ සහෝදරයා අතර පැවති මුදල් සම්බන්ධ ආරවුලක් මත ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් වැඩිමල් සහොදරයා විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මෙතෙක් සිදුකල පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 35 වන වියේ පසුවන ඒකල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ජාඇල පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.