පසුගිය (04) වන දින චොකලට් ගෙඩියක් සොරකම් කළ බවට එල්ලවූ චෝදනාවක් මත පේරාදෙණිය නගරයේ වෙළෙඳසලක සේවකයින් විසින් සිදුකළ පහරදීමකින් 67 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඊරියගම ප්රදේශයේ පදිංචිකරුවෙකු වූ ධර්මසේන කුරේ නැමති පුද්ගලයෙකි.
පසුගිය (04) වන දින අදාළ චොකලට් සහ රසකැවිලි අලෙවිකරන වෙළෙඳසැලෙන් චොකලට් ගෙඩියක් සොරකම් කළ බව පවසමින් එහි සේවයකළ දෙදෙනෙකු විසින් මෙම පුද්ගලයාට පොල්ලකින් මෙන්ම අතින්පයින්ද පහරදී ඇති අතර පහරකෑමෙන් අනතුරුව වෙළෙඳසැල ඉදිරිපිට ඇදවැටී සිටියදී සුවසැරිය ගිලන්රථයක් මගින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත. දින කිහිපයක් ප්රතිකාර ලබමින් සිටියදී ඉකුත් (12) වන දින ඔහු මියගොස් ඇති බව පොලිසිය ප්රකාශකරන ලදි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසුව, අගෝස්තු මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
Gossip Lanka

