2025.05.19 වන දින මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ රෙස්ටූරන්ට් ආයතනයක හිමිකරුවකු කපා කොටා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමු කොට්ඨාසය අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර මෙම අපරාධය අදාල සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සිදුකල දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම ඝාතනය සඳහා සැලසුම් කර තිබූ කඩු සපයා දුන් සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 960ක්, ජංගම දුරකථන 03ක් සහ යතුරුපැදියක් සමඟ ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 19 හා 23 වන වයස් වල පසුවන සැකකරුවන් මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා ඝාතනය සඳහා සැලසුම් කර තිබූ කඩු වෙන්නප්පුව නයිනමඩුව ප්‍රදේශයේ සිට රැගෙනවිත් අපරාධය සිදු කරීමට පැමිණි සැකකරුවන්ට ලබා දී ඇති බවට වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගමු කොට්ඨාසය අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.