හෙරොයින් ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (28) දින අත්අඩංගුවට ගෙන ඇත.
ගොතටුව, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 වන වියේ පසුවන සැකකරු ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මොහු පසුගිය 22 වනදා වැලිකඩ ප්‍රදේශයේදී නිවසක් බිඳ, රු.550,000ක මුදල් හා රන් භාණ්ඩ සොරකමකට අදාල සැකකරු බවට පොලීසිය විසින් සිදුකල වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.
ඒ අනුව සැකකරුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ සොරාගන්නා ලද රන් භාණ්ඩ උගසට් තබා ඇති බව අනාවරණය ඇති අතර, එම සොරාගත් භාණ්ඩ බැහැර කිරීම සහ ලඟ තබාගැනීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
දෙමටගොඩ සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් වන 27 සහ 28 වන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු හා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 19 වන වියේ පසුවන සැකකාරියක් දෙමටගොඩ සහ ගොතටුව ප්‍රදේශවලදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිකඩ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.