අයිස් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 540ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, යක්කල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත.
මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 50 වන වියේ පසුවන සැකකරු යක්කල හංසගිරි මාර්ගයේ 19 වන පටුමග අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
යක්කල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකල පරික්ෂාවකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශන වලදී, මොහු යක්කල ප්‍රදේශයේ ගෙවල් බිඳ පිත්තල භාණ්ඩ සොරාගැනීමේ සිද්ධි 2කට අවශ්‍ය කර සිටි සැකකරුවකු බව අනාවරණය වී ඇත. වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සොරාගත් පිත්තල භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යක්කල පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.