පසුගිය 01 වැනිදා කටුවන ප්‍රදේශයේ සිදුවූ නිවසක් බිඳ රු.392,000ක් වටිනා රන් භාණ්ඩ සහ දේපල කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයකු, අපරාධය සඳහා යොදාගත් යතුරුපැදියක්ද සමඟ කටුවන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන ඇත.
බෙරලුවිල, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 31 වන වියේ පසුවන සැකකරු කටුවන, වත්තේ හේන් ආර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්ණ කිරීම් වලින් මොහු මීට පෙරද ගෙවල් බිඳ දේපල සොරකම් කිරීම් රැසක් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර සැකකරුගේ ප්‍රකාශ මත සෙරකම් කරන ලද රන් මුදු 03ක්, කරාඹු යුවලක් හා සොරබඩු අලෙවියෙන් උපයාගත් බවට සැකකරන රු.22,000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර කටුවන පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.