පසුගිය මාර්තු 26 වැනිදා ගිරිබාව ප්‍රදේශයේ සිදුවූ නිවසක් බිඳ නිවැසියන් බිය ගන්වා පහරදී රු.157,000ක මුදලක් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ගිරිබාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 02 දින අත්අඩංගුවට ගෙන ඇත.
ගල්ගමුව හා මාතර ප්‍රදේශවල පදිංචිකරුවන් වන 32 සහ 37 වයස් වල පසුවන සැකකරුවන් මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ගිරිබාව පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඊයේ(03) දින ගිරිබාව පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් විසින් කොල්ලකන ලද රු.187,000ක මුදලක්, රන් පැහැති වළලු 2ක් හා ජංගම දුරකථන 2ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර ගිරිබාව පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.