අද (05) දින උදෑසන ගල්කිස්ස වෙරළ පාරට හැරෙන හන්දියේදී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ප්‍රහාරයට ලක් වූ එම පුද්ගලයා බරපතල තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුලත් කර ඇත.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ දෙහිවල, ඕබන් පෙදෙස ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තැබීමට හේතුව හා වෙඩිතබා පලාගිය සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.