ගල්කිස්ස හුලුදාගොඩ ප්‍රදේශයේ පාලු ඉඩමක තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත ගල්කිස්ස පොලීසිය සිදුකල විමර්ශන අනුව පුද්ගල මළසිරුරක් ඊයේ (01) දින සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 23 වන වියේ පසු වූ රත්මලාන මහින්දාරාම පාර ප්‍රදේශයේ පුද්ගලයෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා පසුගිය 30 වන දින රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ සහෝදරයකු විසින් ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවට මෙතෙක් සිදුකල පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෙම ඝාතනය කවුරුන් විසින් කුමන හේතුවක් මත සිදුකලේද යන්න සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
මෘත ශරීරය කලුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.