අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 23 කට ආසන්න BITCOIN හා ETHEREUM CRYPTO මුදල් වංචා කිරීමකට සම්බන්ධ සැකකරුවකු සහ සැකකාරියක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගිය 01 දා අත්අඩංගුවට ගෙන ඇත.
වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 40 වන වියේ පසුවන සැකකරුවකු සහ 35 වන වියේ පසුවන සැකකාරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාර යුවල කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති අතර සැකකරුවන් හට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.