ඊයේ (7) රාත්රියේ කොළඹ, කොටහේන 16 වැනි පටුමග ප්රදේශයේ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ කොටහේන 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.
ඝාතනයට ලක්වූ පුද්ගලයා පිටුපසින් පැමිණි වෙඩික්කරු ඔහුගේ හිසට සහ ශරීරයට වෙඩි ප්රහාර කිහිපයක් එල්ලකොට පලාගොස් ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකු බවත් මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු බවත් පොලීසිය විසින් සඳහන් කර ඇත.
සැකකරුවන් කාර් රථයකින් පැමිණ ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

