කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 984ක් සන්තකයේ තබාගෙන ගුවන් මගින් මෙරටට පැමිණි පුද්ගලයකු සහ කාන්තාවක්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියානු ජාතිකයන් වන 34 වන වියේ පසුවන සැකකරුවකු සහ 25 වන වියේ පසුවන සැකකාරියක බැංකොක් සිට මෙරටට පැමිණෙමින් සිටියදී ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකාර යුවල අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.