පසුගිය 30දා නිලාවෙනිපාර පෙරියනිලාවෙනි ප්රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු අම්පාර අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පෙරියනිලාවෙනි 01 ප්රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු 20 හැවිරිදි වියේ පසුවන අතර සැකකරු සතුව තිබී වෑන් රථයක් සහ යතුරුපැදියක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශකරන ලදී.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන අම්පාර අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකරනු ලබයි.