ඊයේ (04) දින රාත්‍රී කාලයේ කලුතර නාගොඩ, ගම්සභා නිවාස පාර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ නාගොඩ, ගම්සභා නිවාස පාර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තැබීමට හේතුව හා වෙඩිතබා පලාගිය සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කලුතර දකුණ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.