උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ මහතාගේ බිරිඳ, ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කරන ලදි.

ඒ, අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සම්බන්ධයෙන් වරදරකරුවන් බවට පත්වීමෙන් අනතුරුවයි.
එස්.එම්.රංජිත් මහතා, උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනු කරන ලදි.
අල්ලස් කොමිසම මගින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කළේ, චෝදනා 6ක් යටතේය.
2012 සිට 2014 කාලය අතරතුර එස්. එම්. රංජිත් මහතා උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාවරයා ලෙස කටයුතු කරමින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේනගේ මහතාගේ බිරිඳ ශාන්ති චන්ද්‍රසේන යන අයට අයුතු ලාභයක් ලබාදීමට කටයුතු කිරීම, ඉන්ධන දීමනාවක් වැටුප සමඟ ලබා දී තිබියදී ඉන්ධන ඇණවුම්පත් මඟින් රුපියල් ලක්ෂය 26කට අධික මුදලක් ලබා දීම සහ එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙලඹවීම ඇතුළු චෝදනා ඔවුන්ට එරෙහිව ගොනු කර තිබුණි.
ඒ අනුව, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව ලබා දෙමින් පැවසූවේ, විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.
ඒ අනුව අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නම් වරද සිදු කිරීමට විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා විසින්ද ඩුවම් නියෝග නිකුත් කරන ලදි.
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ සහෝදරයා වන අතර ශාන්තිනි චන්ද්‍රසේන යනු එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳයි.
එස්.එම්. චන්ද්‍රසේනගේ මහතාගේ බිරිඳ, ශාන්තිනි චන්ද්‍රසේන 2012 සිට 2014 දක්වා උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත්ගේ ධුර කාලය තුළ ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරන ලදි.