තියුණු ආයුධයකින් පහරදී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබියදී එප්පාවල කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුලදී ඊයේ (25) දින සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 69 වියැති භික්ෂූන් වහන්සේ නමකි.
ඝාතනයට ලක් වූ හිමිනම එම අසපුවේ වැඩවාසය කර ඇති අතර හිමිනම බැහැදැකීමට පැමිණි පුද්ගලයෙකු හා තවත් විහාරස්ථානයක හිමිනමක් උන් වහන්සේ ඝාතනය කර ඇති බව දැක ඒ පිලිබඳව එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.
මෙම හිමිනමට ත්‍රිරෝද රථයක් හා රියදුරෙකු සිට ඇති බවත්, එම රියදුරු දැනට අසපුව තුල නොමැති බවත්, පසුව සිදුකල පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත. ඔහු පිලිබඳ තොරතුරුද මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම ඝාතනය කවුරුන් විසින් කුමන හේතුවක් මත සිදුකලේද යන්න සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් අනතුරුව අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන එප්පාවල පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.