ඊයේ (01) දින රාත්‍රී කාලයේ අඟුරුවාතොට 3 කණුව, රෙමුණ ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බවට අඟුරුවාතොට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 52 වන වියේ පසු වූ වරකාවැහැර, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ තවත් පුද්ගලයකු ඔවුන් සේවය කරන එම ප්‍රදේශයේ ලී මෝලකදී ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් අනෙක් පුද්ගලයා විසින් උදැල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව මෙතෙක් සිදුකල පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සෙවනගල, ලක්සිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 55 වන වියේ පසුවන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අඟුරුවාතොට පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.