අයිස් ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 250 ක් , අයිස් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 80 ක් , අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 650 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු සහ හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 950 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 24 , 30 සහ 34 වයස් වල පසුවන සැකකරුවන් තිදෙනෙකු සහ 80 වන වියේ පසුවන සැකකාරිය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.