අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400 ක් , හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300 ක් සහ හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (25) දින අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව , රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වන 32 , 39 සහ 54 වන වියේ පසුවන සැකකරුවන් ජබොස් ලේන් ප්‍රදේශය , රාහුල පාර අසලදී සහ රත්මලාන දුම්රියපොල අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් තුනකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.