අයිස් ග්‍රෑම් 17 ක්, අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500 ක් සහ හෙරොයින් ග්‍රෑම් 11 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (25) දින අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය සහ කොලොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන 27 , 33 සහ 39 වන වියේ පසුවන සැකකරුවන් වැල්ලම්පිටිය වීරමල් මාවතේදී ,කොහිලවත්ත හන්දිය අසලදී සහ වඩුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් තුනකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.