අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 600ක් සහ හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 240ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, කොළඔ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන ඇත.
බුලත්සිංහල සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් වන 32 සහ 44 වයස් වල පසුවන සැකකරුවන් බොරැල්ල සහ පෑලියගොඩ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඔ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත ගම් බොරැල්ල සහ පෑලියගොඩ ප්‍රදේශවල සිදුකළ වැටලීම් දෙකකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඔ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.