අයිස් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 100ක් සහ හෂිෂ් ග්‍රෑම් 30ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු හා අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 470 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 30 සහ 40 වයස් වල පසුවන සැකකරුවන් දෙමටගොඩ මහින්ද ධර්ම හන්දිය සහ කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දෙමටගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.