අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65ක් සහ හෙරොයින් ග්‍රෑම් 35ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ජංගම දුරකථන 2ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රු.114,000ක මුදලක්ද සමඟ නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත.
නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 39 වන වියේ පසුවන සැකකරු නිකවැරටිය කටගමුව පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන නිකවැරටිය පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නිකවැරටිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.