අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත.
මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 33 වන වියේ පසුවන සැකකරු අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.